පිපාසයට වතුර පොදක් සොයා ගිය අලි පැටියා මඩේ එරී මරුට

273

ජලය සොයා පැමිණි වන අලි රෑනක සිටි මාස 03ක අලි පැටියෙකු මඩේ එරී සිටියදී වන අලින්ට පෑගීමෙන් මියගොස් ඇති බව වනජිවි නිලධාරීහු කියති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින නියඟය නිසා කුඩා ජලය රැඳි ස්ථාන වියළී යෑමෙන් බීමට ජලය පොදක් සොයා යන වන සතුන් විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙති. අරලගංවිල අරුණපුර ඩී. 06 වෙල් යායේ ජලය රැඳි ස්ථානයකට පැමිණි අලි රෑනක සිටි මාස තුනක් වයසැති කුඩා වන අලි පැටියකු මඩේ එරී යෑමෙන් වන අලින්ට පෑගී එම ස්ථානයේම මියගොස් ඇතැයි සැක කෙරේ. මෙම අලි පැටියාගේ පසුගියදා පිඹුරත්තෑව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයීය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
ඇළහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment