ඉඩම් වංචාවට වරද පිළිගත් අයට – දඬුවම් පැමිණවීම නොවැම්බර් 12 දා

272

එංගලන්තයේ පදිංචි මස්සිනාට අයත් රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති මීගමුවේ පොල් ඉඩම සඳහා මස්සිනා බලය පැවරූ බවට ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකසා ඉඩම වංචනිකව විකුණා පොලිසියට කට්ටි පනිමින් සිට අධිකරණයට භාරවී වරද පිළිගත් සැකකරුවකු ලබන 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා ඉකුත් 26 දා නියෝග කළේය.

වරද පිළිගත් විත්තිකරුට දඬුවම් පැමිණවීම සඳහා නඩුව නොවැම්බර් මස 12 දා කැඳවීමට නියෝග කරන ලදී.

උ.පො.ප. ඕ. පී. එම්. අමරසේන මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිලන්ත වරලියැද්ද මහතා පෙනී සිටියේය.
මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment