මුදල් ලේකම්, නීතිපති හා සමාගම් අධ්‍යක්‍ෂවරු මැතිසබයට කැඳවන්න – රනිල් ඉල්ලයි

218

කෙරවලපිටිය, යුගදනවි එල් එන් ජී බලාගාරය විදෙස් ආයතනයකට පැවරීම අනීතික බැවින් ඒ පිළිබඳව කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම්, නීතිපති සහ අදාළ සමාගම් අධ්‍යක්‍ෂවරු පාර්ලිමේන්තුවට කැඳවන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (13දා) වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් පැවැසීය.

පාර්ලිමේන්තු බලතල හා වරප‍්‍රසාද පනත අනුව, අදාළ කැඳවීම කළ හැකි බවද ආණ්ඩුව හා එම පෞද්ගලික සමාගම අතර ඇතිකර ගත් ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවද හෙතෙම පැවැසීය.

එසේ නොකිරීමෙන් පාර්ලිමේන්තුව නොමග යවනු ඇතැයිද එමගින් මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද කඩවී ඇතැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment