දෙදෙනාම ඩෝප් දමා රණ්ඩුවී මන්නා පිහියකින් බෙල්ල කපා තාත්තා පුතාව මරලා

429

බීමත් පියා විසින් මන්නා පිහියකින් පෙරේදා (15) රාත්‍රියේ බෙල්ල කපා සිය පුතා ඝාතනය කිරීමේ සිද්ධියක් කොස්ගොඩ පොලිස් වසමෙන් අනාවරණය වේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඉඳුරුව කයිකාවල එස්. ඕ. එස්. ගම්මානයේ පදිංචි ව සිටි මහරඹගේ කසුන් සංජය ගුණසේකර (29) නමැති අයෙකි.

මෙදින රාත්‍රී හතට පමණ දෙදෙනාම මත්පැන් බී ඇතිවූ බහින් බස් වීමකින් පසු පියාගේ අතේ තිබූ මන්නා පිහියකින් පුතාගේ බෙල්ලට එල්ල කරන ලද පහරකින් මියගොස් තිබේ. තුවාලකරු බළපිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බවත් පොලිසිය පවසයි.

සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙන අතර බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් සහබන්දු මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සරත් මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment