කතරගම වැඩසිටි කන්ද මාර්ගය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

195


කතරගම වැඩසිටි කන්ද පාරේ රථ ගාල ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් ඇත.
එම ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් ලක්මාල් නමැති 46 හැවිරිදි සටන් කලා උපදේශයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කර තිබේ.
ඉන් ඔහුගේ දකුණු පාදයේ පහළ ප්‍රදේශය තුවාල වී ඇත.

වෙඩිතැබීම සිදු වූ අවස්ථාවේදී ඔහු සමග යතුරුපැදියේ තවත් පුද්ගලයෙකු ගමන් කර තිබේ.
වෙඩිවැදුණු පුද්ගලයා කතරගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment