ගෘහ සේවයට ගොස් එමින් සිටියදී ගුවනේදී මරුට

1081

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර, ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ඇය මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවකි .

අද (23දා) දින අලු‍යම 01.17 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබියදී මෙම මරණය සිදු වී තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment