චන්ද්‍රයාන්-3 පර්යේෂණ කණ්ඩායමේ සියයට 27ක් කතුන්

122

සඳ තරණය කළ “චන්ද්‍රයාන්-3” ඉන්දීය අභ්‍යවකාශ යානය සඳෙහි දක්ශිණ ධ්‍රැවය වෙත යැවීමේ මෙහෙයුමේ විධායක තනතුරු දැරූ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් නිලධාරි පිරිසෙන් සියයට 27 ක්ම කාන්තාවන් බව ඉන්දීය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

චන්ද්‍රයාන්-3 මෙහෙයුම සැලසුම් කිරීමේ සිට යානයට අයත් “වික්‍රම්” ගොඩබැස්වුම් යානය සඳෙහි දක්ශිණ ධ්‍රැවයට ගොඩබැස්වීම දක්වා වන ක්‍රියාදාමය සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් නිලධාරින් 500 දෙනෙකු පමණ දායක වී ඇති අතර ඒ අතර කාන්තා විද්‍යාඥයන් හා ඉංජිනේරුවරියන් 54 දෙනෙකු සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙසේ චන්ද්‍ර්‍යාන්-3 මෙහෙයුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ විද්‍යාඥයන් පිරිස අතර පෙරමුණේ සිටිනුයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ රොකට් කාන්තාව ලෙස විරුදාවලි ලත් අනුරාධා ටීකේය. ඇය දැනට එම මධ්‍යස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨතම කාන්තා විද්‍යාඥවරියද වන්නීය.

“අයිඑස්ආර්ඕ” යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරන කාන්තාවන් සංඛ්‍යාව එහි මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 25 ක් වන අතර එය සංඛ්‍යාත්මකව 120ක් පමණ වන බව ඉන්දීය මාධ්‍ය පවසයි. චන්ද්‍රයාන්-3 සඳ තරණය කිරීමේ මෙහෙයුම සාර්ථක වීමෙන් පසු ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අදාළ මධ්‍යස්ථානයේ නිලධාරින් හමුවීමට ගිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මෙහෙයුම සාර්ථක වීමට කාන්තාවන්ගේ ශක්තිය ඉවහල්වූ බව පවසා තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment