බලහත්කාරයෙන් උත්තර පත්‍ර පරීක්ෂාකරවා ගන්නවා කියන්නේ දරුවන්ට කරන ලොකුම අසාධාරණයක්!

127

ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති

ජනාධිපතිවරයාට නිසි කාරණාව පෙන්වා දී නෑ

“ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු ප්‍රකාශය තදබල ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය තුළ අපි දකින දේ තමයි ජනාධිපතවරයාට වුණත් හරි කාරණය නෙවෙයි පෙන්නලා දීලා තියෙන්නේ. මෙතන එතුමන්ට පෙන්නලා දීලා තියෙන්නේ වෘත්තිය සමිති විසින් කරන බදු පිළිබඳ ප්‍රශ්නයක් කියන එක විතරයි.

හැබැයි මෙතන ඊට වඩා එහා ගිය ගැටලුක් තියෙන්නේ”, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පිළිබඳ අද වන විට පත්ව ඇති ගැටලුව සම්බන්ධයෙන් ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක මහතා දහවල් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් ප්‍රකාශ කර සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් රත්නායක මහතා, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අද වෙද්දී රජය හා ගුරුවරයා අතර ගැටුමක් බවට පරිවර්තනය නොවිය යුත්තක්. ඒකට ප්‍රධාන හේතුව මේ කාරණයේදී රජය හා ගුරුවරයා අතර ගැටුමක් ඇති වෙද්දී ඒකෙන් අතරමන් වෙන්නේ දරුවා. දරුවාගේ පැත්තෙන් බැලුවාම මේ ප්‍රශ්නේදී ඉතාම සංවේදී කාරණයක් තියෙනවා. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ බරපතල ගැටලු ප්‍රමාණයක් ඇති වෙමින් තියෙනවා. මේ අවුරුද්දේදි ගත්තත් ජනවාරි මාසේදි ආරම්භ කළ යුතු වාරය තමයි මාර්තු මාසේදි ආරම්භ කළේ. ඒ නිසා වර්ජන ක්‍රියාවලියකට ගිහින් හෝ මොනයම් ක්‍රියාවලියකට ගිහින් නැවතත් මේ පාසල් වාරය ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තොත් ඒකෙන් දරුවන්ට විශාල මානසික ගැටලුවත් ඇති වෙනවා. ඒක අධ්‍යාපනයට ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ එක්කම අද වෙද්දී අපේ රටේ අධ්‍යාපනය හා විභාග දෙපාර්තමේන්තුව කීර්ති නාමයක් ලබාගෙන තියෙනවා විභාග ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙන රටක් කියලා.

ඒ නිසා ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාග සහතිකය ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයක් පිළි ගන්න මට්ටමේ ගුණාත්මක තත්ත්වයට අපේ රටේ විභාග ගුණාත්මක ඉහළ තත්ත්වයක තියෙනවා. ඒකට ජත්‍යන්තර පිළි ගැනීමකුත් තියෙනවා.

යම් විදියකින් මේක ගැටුමක් අර්බුදයක් බවට පත්වුවහොත්, බලහත්කාරයෙන් ගුරුවරයා ගෙන්වන තත්ත්වයට පත්වුහොත්,

විශ්ව විද්‍යාල ගුරුවරයා බලහත්කාරයෙන් ඇදගෙන ඇවිත් ප්‍රශ්න පත්‍ර බලන්න කිව්වොත් ඒකේ ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ගෙන් අවශ්‍ය කාරණය සිද්ධ වුණත් මේකේ තියෙන ගුණාත්මක භාවයට හානි සිද්ධ වීමක්. ඒ නිසා එයින් සිදුවන හානිය ඉතාමත් බරපතලයි. මේ නිසා රජය හා ගුරුවරයා අතර නැත්නම් විශ්ව විද්‍යාල ගුරුවරයා අතර අර්බුදයක් බවට පත් නොවී දෙපාර්ශවයේම මැදිහත් වීම තුළ දෙපාර්ශවය නම්‍යශීලී ලෙස මෙම ගැටලුව විසදා ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි. අපේ නිලධාරීන් පෙන්වා දෙන්නේ වෘත්තිය සමිති එක්ක ඇතිවන කම්කරු නීති ගැටලුවක්. මෙතන තියෙන්නේ කම්කරු නීති පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මේ උත්තර පත්‍ර පරීක්ෂාවට යාමේදී ගුරුවරයා පත්ව ඇති අපහසුතාවයි, මේකේ ප්‍රධාන ගැටලුව. ඒක අවුරුදු ගාණක් තිස්සේම පෙන්නලා දුන්නා. මේ ආර්ථික අර්බුදය එන්න කලිනුත් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගෙවපු ගෙවීම් ප්‍රමාණවත් නෑ. එක දවසකට තමයි ගමන් වියදම් ගෙවන්නේ. දවස් 10ක් උත්තර පරීක්ෂා කරනවා නම් එක දවසකට ගමන් වියදම් ගෙවීම කොහෙත්ම ප්‍රමාණවත් නෑ. ඒ වගේම ඒ දවස් 10 සඳහා ඔහුට නවාතැන් සඳහාත් පහසුකම් සලසා දී නෑ. ආහාර පාන සඳහා පහසුකම් නෑ. ඒ සඳහා කරන ගෙවීම ඉතාමත්ම පුංචි එකක්. මේ දවස්වල අපි දකිනවා සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි නිලධාරීන් ගම්වල අයදුම් පත්‍රයක් පුරවනවා. ඒ සඳහා ඔහුන්ට රුපියල් 300ක විතර මුදලක් ගෙවනවා. ඒකෙන් අඩක විතර මුදලක් තමයි මේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන නිලධාරිවරයාට ගෙවන්නේ. අපි කියන්නේ නෑ, සමෘද්ධි නිලධාරීන්ට ඒ සඳහා ගෙවන දීමනාව අඩු කරන්න කියලා. හැබැයි ගුරුවරයා සඳහා මේ වෙලාවේදී සාධාරණව බලා පවතින ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි.

මේ වෙලාවෙදී ගුරුවරයාගේ පාර්ශවයෙනුත් අවධානය යෙමු කරමින් දරුවන් මේ වෙලාවේදි පත් වෙලා ඉන්න අපහසුතාව පිළිබඳවත් සලකා බැලිය යුතුයි. ගුරුවරයාත් මේ වෙලාවේදී හැකි තාක් නම්‍යශීලී වෙන්න සූදානම් තමයි. හැබැයි ආණ්ඩුවේ පාර්ශවයෙනුත් මේ සඳහා සාධාරණ උත්තරයක් මේ සඳහා ලබා දියයුතුයි.

දෙපාර්ශවයම යම් මැද තැනකට ආ යුතුයි. මේක බලහත්කාරයෙන් නීති පෙන්නලා පහුගිය අවුරුද්දේ උත්තර පරික්ෂා කළ කණ්ඩායම අනිවාර්යෙන් උත්තර පත්‍ර පරීක්ෂා කළ යුතුයි කියලා කියන්න සුදුසු නෑ.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment