ලිදුල ආග්‍රෝවා ඔයේ කාන්තා මළ සිරුරක්

986

ලිදුල පොලිස් බල ප්‍රදේශයේ නාගසේන ආග්‍රෝවා ඔයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් 12 වන දින හමුවී ඇත.

ආග්‍රෝවා ඔයේ කාන්තා මළ සිරුරක් තිබෙන බැවින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඒ පිළිබඳව නුවරඑළිය දිසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත් බවද ල`ිදුල පොලිස් නිලධාරියකු පැවසීය.

නුවරඑළිය දිසා විනිසුරුවරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු මෙම මළ සිරුර ගොඩ ගැනීමට පියවර ගන්නා බවත් මළ සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ලිඳුල පොලිසිය විසින් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා පවසන ලදී.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment