අද කාලගුණය

82

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment