5 ශිෂ්‍යත්ව අභියාචනා අද සිට 29 තෙක් ඔන්ලයින් ඔස්සේ කැඳවයි

92

2023 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් අද (13 දා) සිට ලබන 29 දා දක්වා මාර්ගගත ක්‍රමයට (One line) යොමු කිරීමේ හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පසුගිය වර්ෂයේ (2023) පැවැති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැක.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් 03 ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://96application. moe.gov.lk/#/ දිගුව ඔස්සේ ඍජුවම අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment