අද තද සුළං සමඟ මුහුද රළු වෙයි

51

ධීවර – නාවික කටයුතු අවදානම්
කාලගුණෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පැය 24 කට බලපැවැත්වෙන රතු නිවේදනයක් කාලගුණ විiා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා ඇත.

එසේම, අද (04 දා) උතුර සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment