බත්, කොත්තු, ප්‍රයිඩ් රයිස් මිල සියයට 20 කින් ඉහළට

359

පාන්පිටි, ගෑස්, ඉන්ධන, මිරිස් කුඩු, තුනපහ මිල ඉහළ යෑම හේතුවෙන් බත් පාර්සලයක, කොත්තු, ප්‍රයිඩ් රයිස් මිල සියයට 20 කින් ඊයේ (19 දා) සිටම ඉහළ දැමූ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන මිල, පාන්පිටි මිල, ගෑස් මිල ඉහළ දැමීම ආපන ශාලා හිමියන්ට දරාගත නොහැකි බව පැවසූ අසේල සම්පත් මහතා මෙසේද කියා සිටියේය.

ලුණු පැකට් එකේ ඉඳලා කිරි, බිත්තර, මස්, මාළු හැම දේකම මිල ඉහළ ගිහින්. ඒ වගේම ගොවීන්ගේ නිෂ්පාදන ටික වෙළෙඳ පොළට යවන්න ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා. ඉන්ධන ගාස්තු වැඩි කරලා. පාන්පිටි මිල වැඩි කරලා. මේවා අපිට දරාගන්න බැහැ.

ආණ්ඩුව දැන්වත් ව්‍යාපාරිකයන්ට සහනයක් ලබාදෙනවානම් අපට පාරිභෝගිකයන්ට සහන දෙන්න පුළුවන්. ආපනශාලා හිමියොත් හරි අමාරුවෙන් තමයි කර්මාන්තය කරගෙන යන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment