දිනසේන රතුගමගේ ජනමාධ්‍ය විභූෂණ ශ්‍රී දේශභිමානී ගෞරව නාම ලබයි

214

උපාලි පුවත් පත් සමගමේ වවුනියාව මාණ්ඩලික වාර්තාකරු ලෙස සේවය කරන දිනසේන රතුගමගේ මහතා වෙත “ජනමාධ්‍ය විභූෂණ ශ්‍රී දේශාභිමානී” යන ගෞරව නාමය ප්‍රදානය කිරීම පසුගියදා පුත්තලම සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරුණි.

‘මෙත් විජය ජාත්‍යන්තර බෞද්ධ එකමුතුව’ නැමති සංවිධානය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධානය කොට තිබුණේ පස්වෙනි වතාවටය.

මෙත් විජය ජාත්‍යන්තර බෞද්ධ එකමුතුවේ ලේකම් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම් මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක මිගෙට්ටුවත්තේ සාහිත්‍ය කීර්ති ශ්‍රී සුමන සරණංකර සුමිත්ත නාහිමියගේ ආරාධනයෙන් වැඩමවා වදාළ ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ පිරිවෙනේ පරිවේණාධිපති ආචාර්ය අතිගෞරවාර්හ කොස්ගොඩ සුභූති අනුනයක හිමියන්ගේ මූලාසනයෙන් පැවැති උත්සව සභාවට තවත් සංඝනායක හිමිවරුන් රැසක් ද කොළඹ ඉන්දීය මහ කොමසරිස් කාර්යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකූරන් දත්තා මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment