මුහුණු පොතෙන් කුඩු ගහන්න පුරුදුවෙලා මාතර සිසුවාට මාංචු

76

මුහුණු පොතේ යහළුවෙක්ගෙන් කුඩු ගහන්න හුරුවූ මාතර ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙක් කුඩුත් සමග හසුවී තිබේ. මීට පෙර අත්අඩංගුවට ගත් පොල්හේන, කාසිවත්තේ, සැකකරු ලබා දුන් තොරතුරක් මත මාතර පොල්හේන ප්‍රදේශයේදී මාතර ප්‍රධාන පෙළේ පාසලක එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි එම සිසුවා අයිස් පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මිලි ග්‍රෑම් හැටක්ද සොයාගෙන ඇත.

සිසුවා පොලිසියට පවසා ඇත්තේ කොළඹ, කොච්චිකඩේ, සප්රාන් නමැති මුහුණු පොතේ යහළුවෙක් සමග මීට මාස හයකට පෙර පළමු වරට මත්ද්‍රව්‍ය පානය කළ බවයි. එතැන් සිට තමා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ බවත් ඒ සඳහා ඔහුට දිනකට රුපියල් පනස්දහසක් පමණ අවශ්‍ය වන බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට ඡායාරූප ශිල්පියකු වූ පියාගේ කැමරාවත් රැගෙන නගරයේ සහ වෙරළ තීරයේ සැරිසරන පෙම්වතුන් සහ පුද්ගලයන්ගේ ඡායාරූපගත කර ඔවුන්ට අලෙවි කිරීම සිදු කරනු ලබයි. වරක් පියාගේ වටිනා කැමරාවක් රුපියල් දස දහසකට විකුණා ඇති බවත් මීට මාස කිහිපයකට පෙර මාතර පොලිසියෙන් ගංජා ළඟ තබාගෙන සිටීමේ වරදට දඬුවම් ලද බවත් පවසා ඇත. කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ මහතා, තම දරුවන් ගැන නිසි අවධානයක් යොමු නොකිරීම නිසා දරුවන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයට පත්වන බව පැවසීය. සැකකාර සිසුවා කොටවිල අධිකරණයේ මාතර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරන, උප පොලිස් පරීක්ෂක කේ. මධුශංක, පොලිස් සැරයන් (33598) එස්. රණසිංහ, පොලිස් සැරයන් (59356) එන්. බුද්ධික, පොලිස් සැරයන් (59356) එන්. සමරතුංග, පොලිස් කොස්තාප වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත.

වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment