කැලණි පුද බිමේ සිවුරුගල විහාරයේ සමාධි ප්‍රතිමාව හෙට නිරාවණයට

76

කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්‍රමහා පණ්ඩිත මහෝපාi ආචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත කැලණිය සිවුරුගල විහාරයේ අලුතින් නිම කරන ලද සමාධි බුදුපිළිම වහන්සේ මේ මස 25 වැනිදා සවස 4.00ට විවෘත කිරීමට නියමිතය.

මෙම සමාධි බුදුපිළිම වහන්සේ ධම්මික ආටිගල සහ පද්මසිරි හපන්ගම මහත්වරුන් දෙදෙනා විසින් පරිත්‍යාග කරන ලද්දකි. මෙම ස්ථානය බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ ජලස්නානය කළ ස්ථානය ලෙස සැලකේ. එමෙන්ම එහි සිවුරුගල සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

කැලණි පුද බිමේ සිවුරුගල විහාරයේ සමාධි ප්‍රතිමාව හෙට නිරාවණයට
  • කමල් බෝගොඩ
advertistmentadvertistment
advertistmentadvertistment