ස්ථිර නිවාස නැති පවුල් 789242ක්

50

රටේ ස්ථිර නිවාස නොමැති පවුල් හත් ලක්ෂ අසූනව දහස් දෙසීය හතළිස් දෙකක් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය.

ඊට අමතරව තාවකාලික සෙවිලි සැකසූ නිවාස හාර ලක්ෂ අසූ හය දහස් හාරසිය විසිහයක් තිබෙන බව ද ඒවා වැඩිපුරම ඇත්තේ පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුරය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment