චෙස් දක්‍ෂයෝ දිවයිනට එති

122

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගෙන දිවයින වෙත පැමිණියහ.

මෙම තරගාවලිය මැලේසියාවේ මලක්කා නුවර ඉකුත් 20 දින සිට 27 දින දක්වා රටවල් 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 283 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

මෙහිදී ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම වයස අවුරුදු 08 න් පහළ කණ්ඩායම, එම ඉසව්වේ රන් පදක්කම, රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි. එහිදී එම ඉසව්වේ රන් පදක්කම කුළුපන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුමි විහංසා පෙරේරා සිසුවියත්, රිදී පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ එලීසා සෙව්වන්දි ප්‍රනාන්දු සිසුවියත්, ලෝකඩ පදක්කම මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ හසිනි අනුත්තරා රණසිංහ සිසුවියත් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම පෙරේදා (28 දින) පස්වරු 05.24 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් ද, ජයග්‍රාහී ශ්‍රී ලංකා චෙස් කණ්ඩායමේ පාසල්වල ගුරු භවතුන්, සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment