චෙක්පත් වංචා වැළැක්වීම සඳහා පත්කළ කමිටු වාර්තාව අධිකරණ ඇමැතිවරයා අතට

61

චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාවට මුහුණදෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් මෙම වසර මුල භාගයේදී පත්කර තිබුණි.

දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95ක් පමණ පැරැණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර ඒ අනුව එම පනත සශෝධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් දේශීය හා ජාත්‍යන්තර නීතිමය තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරමින් නීති සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව වාර්තාවක් සකස් කර එහි කමිටු වාර්තාව අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (29 දා) සිදුවිය.

චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් සම්බන්ධ පවතින නීති සංශෝධනය කිරීම මෙම කමිටු වාර්තාව පදනම් කරගෙන සිදු කිරීමට නියමිත වන අතර එම අවස්ථාවට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජනාධිපති නීතිඥ නිහාල් ජයර්ධනය යන මහත්ම මහත්මීන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව ඇතුළු බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment