නොරොච්චෝලේ පළමු යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට තව දින 50 ක් යනවාලු

184

ඉකුත් ජුනි මස 21 වැනිදා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා පද්ධතියෙන් ඉවත් කළ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කිරීමට තවත් දින 50 ක් අවශ්‍ය බව අදාළ ඉංජිනේරු ප්‍රධානීන් ලංවිමට දැනුම් දී තිබේ.

මේ වන විට එම බලාගාරයේ දෙවන පද්ධතිය ද හදිසි කාර්මික දෝෂයක් මත අක්‍රීය වීම නිසා මෙගාවොට් 560 ක් පමණ ජාතික විදුලි පද්ධතියට අහිමිව ගොස් ඇත.

ඉකුත් දිනවල ජල බලාගාර පෝෂකවලට තදවැසි පතිත වීමෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑම නිසා දිනකට පැය තුනක් විදුලිය කපා දැමීම ප්‍රමාණවත් වුවත් ජල විදුලි නිෂ්පාදනය අරපරිස්සමින් කිරීමට සිදුව ඇත.

මෙගාවොට් 900කට ආසන්න විදුලිබල ප්‍රමාණයක් සහිත විශාලම බලාගාරය වන නොරොච්චෝල බලාගාරයේ කාර්මික දෝෂයට ලක්ව තිබෙන ජනන යන්ත්‍රය (මෙ. වො. 270) යළි පද්ධතියට එක් කිරීමට දින 10 ක්වත් ගතවනු ඇතැයි ඉංජිනේරුවරු විශ්වාසය පළ කරති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment