කාබනික පොහොර හදන ගොවීන්ට මුදල්

160

කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නා ගොවියකුට හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡුාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

හෙක්ටායර් එකක් සඳහා කාබනික පොහොර කිලෝ ග‍්‍රෑම් 500ක් අවශ්‍ය වන අතර, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඞ් කිලෝග‍්‍රෑම් 5 ක් පොටෑසියම් කිලෝග‍්‍රෑම් 35ක් හා ජෛව පොහොර ලීටර් 10 ක්ද නිර්දේශ කර ඇති බවත් එම ද්‍රව්‍ය ද කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙන ගොවීන්ට ලබාදෙන බවත් කීවේය.

ඉදිරි මහ කන්නයේ වගා කෙරෙන හෙක්ටයාර් ලක්ෂ 16 ට ඉහත නිර්දේශයන්ට අනුව සියලූ ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික කාබනික පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම රජයේ අරමුණ බවත්, මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම්, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ අවශ්‍ය පරිදි ලබාදීමට පියවර ගෙන ඇති බවත්, මේ සඳහා පළාත් පාලන ආයතන, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, යුද හමුදාව, මහවැලි අධිකාරිය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ බල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය ආදී ආයතන ගණනාවක් පියවර ගෙන අවසන් බවත් ඇමැතිවරයා පැවැසීය.

සියලූ ආයතන විසින් නිෂ්පාදනය කෙරෙන ප‍්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම විසින් ගැටලූවකින් තොරව මිලදී ගන්නා බවත්, ඊට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර අවසන් බවත් මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment