පළමු ජයග්‍රහණයේ වීරයා විජයකාන්ත්

239

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පෙරේදා (30 වැනිදා) සමත් වූයේය.

ලකුණු 174 ක ඉලක්කයක් හඹා යෑමේදී නිරෝෂන් දික්වැල්ල විසින් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ද සමඟ පන්දු 34 කදී වේගවත් ලකුණු 58 ක් ලබා ගත් නමුත් සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ප්‍රමාණවත් මට්ටමක නොමැතිවීම නිසා පන්දු වාර 19.4 ක් අවසනදී කලම්බු කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

මෙම ඉලක්කය හඹා යෑමේදී බාබර් අසාම් (07) සහ පැතුම් නිස්සංක (01)ගේ කඩුලු ලකුණු 7 ක් ඇතුළතදී දවා ගැනීමට තිසර පෙරේරා සහ හාර්ඩස් විල්ජෝන් සමත්වූහ.

අනතුරුව ඩිල්ෂාන් මදුෂංක එවන ලද පන්දුවකට එල්ල කරන ලද පහර තර්ඩ් මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි විජයකාන්ත් රැකගැනීම නිසා දික්වැල්ලගේ ඉනිම නිමාවට පත්විය. පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන හාර්ඩස් විල්ජෝන් ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳ හෙලුවද පන්දු වාර 4 කදී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් විජයකාන්ත් වියස්කාන්තා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔවුන් දෙදෙනාට අමතරව ඩිල්ෂාන් මදුශංක ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳ හෙළීය. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 39 කදී ටව්හිඩ් රිඩෝයි ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් 54 ක් වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment