අනුර කුමාර කැනඩාවට

380

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙදින සංචාරයක් සඳහා කැනඩාව බලා යෑමට නියමිතය.

ඒ අනුව ඒ මහතා එලැඹෙන 23 සහ 24 යන දෙදින කැනඩා සංචාරයේ නිරත වෙයි.

ජාතික ජන බලවේගය කැනඩා ශාඛාවේ ආරාධනාවකට අනුව අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වන අතර 23 වැනිදා සවස 3.00 ට ටොරොන්ටෝ ජනහමුවත් 24 වැනිදා වැන්කෝව්වර් ජන හමුවත් පැවැත්වීමට නියමිතය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment