සේවයේ යෙදෙමින් වර්ජනයට සහාය දෙනවා  GMOA  කියයි

147

වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අද (28 දා) ක්‍රියාත්මක කරනු ලබන දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයට, වර්ජනයක නිරත නොවී සහාය ලබාදීමට රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඊයේ (27 දා) පැවැති සිය සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට පැමිණි බව එම සංගමයේ සහකාර ලේකම්, වෛi නවීන් ද සොයිසා මහතා “දිවයින”ට පැවසීය.

අද පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සිය සංගමය පූර්ණ සහාය ලබා නොදීමට තීරණය කළේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය අනුව ජනතාව දැඩි පීඩනයක සිරවී සිටින අවස්ථාව තේරුම් ගනිමින් බව ද හෙතෙම කියා සිටියේය.

අද සිදු කෙරෙන වැඩ වර්ජනයට සිය සංගමය පූර්ණ ලෙස දායක නොවුණ ද රෝහල් අසල සිදු කරන උද්ඝෝෂණ ව්‍යාපාරය ඇතුළු වෘත්තීය ක්‍රියා මාර්ගලට සහාය ලබාදෙන බවත් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනයට රජය නම්‍යශීලී නොවන්නේ නම් අවශ්‍යම මොහොතක පූර්ණ සහාය ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සිය සංගමයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ද වෛi නවීන් ද සොයිසා මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛi නවීන් ද සොයිසා මහතා මෙසේ ද කීවේය.

මේ මොහොතේ අපි මෙම අරගලය සමග සිටියත් පූර්ණ සහාය ලබා නොදෙන්නේ ජනතාව ගැන හිතලමයි. අපේ සංගමයේ මධ්‍යම කාරක සභාව වැඩ වර්ජන විරෝධතාවට සහාය ලබාදෙනවා. නමුත් අද දිනයේ අපි එය සිදු කරන්නේ රාජකාරී කටයුතු සිදු කරමින්.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment