2024 පාසල් විභාග පැවැත්වෙන දින දැනුම් දෙයි

339

මේ වසරේ (2024) පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව 2023 වසරට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. සා/පෙළ විභාගය 2024 මැයි 06 සිට මැයි 15 දක්වා ද, 2024 වසරට අදාළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 ඉරු දින සහ අ.පො.ස උ/පෙළ විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

2024 වර්ෂයට අදාළ අ.පො.සා. පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment