අනුරපුරදී – ‘රට ඉවරයි  දැන්වත් යන්න’- අගමැතිට විරෝධයක්

346

‘ඔබතුමයි  අපේ නායකයා’

ගල් සහ මල්….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් සහ ස්වර්ණමාලී සෑ රඳුන් ඇතුළු අටමස්ථානය වන්දනා කොට ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ විරෝධතාකරුවන් පිරිසක් හූ කියමින් විරෝධය පළ කිරීම නිසා අග්‍රාමාත්‍යවරයාට කෙටි වේලාවක් තුළ නැවත කොළඹ බලා පිටත්ව යෑමට සිදු විය.

අනුරපුරදී - ‘රට ඉවරයි  දැන්වත් යන්න’- අගමැතිට විරෝධයක්

ඊයේ පෙරවරු 7.50 ට පමණ හෙලිකොප්ටර් යානයකින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ අනතුරුව පෙරවරු 8.10 ට පමණ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යවරයා පසුව ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැද පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.

අනුරපුරදී - ‘රට ඉවරයි  දැන්වත් යන්න’- අගමැතිට විරෝධයක්

එම අවස්ථාවේ බෝ මළුව විහාරස්ථානයත් ජය ශ්‍රී මහා බෝධියත් අතර පෙරහැර මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කර තිබේ.

අනුරපුරදී - ‘රට ඉවරයි  දැන්වත් යන්න’- අගමැතිට විරෝධයක්

අගමැතිවරයා රුවන්වැලි සෑය වැඳ පුදා ගන්නා අතරතුරදී, පිරිසක් “යුද්ධය නතර කළ නායකයා” කියමින් සුහදව කථා කළ අතර, තවත් පිරිසක් “අප්පච්චි දැන් බැහැලා යන්න, රට ඉවරයි, අපිත් ඉවරයි, ජනතාව හාමතේ, තවත් මේ අපරාධය කරන්න එපා, සුබ මොහොතින් හෙටවත් තීරණයක් අරන් ගෙදර යන්න, කළා තමා දැන් ඇති ආයේ මෙහේ එන්න එපා” ආදී සටන් පාඨ කියමින් විරෝධය පළ කළහ.

අනුරපුරදී - ‘රට ඉවරයි  දැන්වත් යන්න’- අගමැතිට විරෝධයක්

අනතුරුව ස්වර්ණමාලී සෑ රදුන් වන්දනා කිරීමට ගිය අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු සෑ රදුන් වන්දනා කොට ඉන් පිටත්ව යන අවස්ථාවේ රුවන්වැලිසෑයේ රථ ගාලේ රැස්ව සිටි පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කොට හූ කියමින් විරෝධය පළ කිරීමත් සමග අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී හූ හඬ මධ්‍යයේ ඔහු එම ස්ථානයෙන් මිරිසවැටිය විහාරස්ථානය වෙත කැඳවා ගෙන ගොස් තිබිණි.

ඉන්පසු අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් රථ පසුපස හඹාගිය විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය විහාරස්ථානය වෙත ඇතුළු වීමත් සමග විවිධ වැකි සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කර සිටියහ. මිරිසවැටි රජ මහා විහාරයේ ඇතුළුවන ගේට්ටුව අසලට රැස් වූ පිරිස් “අපේ හාමුදුරුවනේ හොරු පන්සල් ඇතුළට ගන්න එපා” යැයි මහ හඬින් පවසමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වූහ.

පසුව එහිදී මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරතව සිට ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නැවත අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත ගොස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයෙන්ම පෙරවරු 10.25 ට පමණ කොළඹ බලා පිටත්ව ගියේය.

ඒ වනවිටත් අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ඥානා නමැති කාන්තාවගේ දේවාලය වෙත යනු ඇති බවට ඇතිවූ සැකය මත පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූ අතර අග්‍රාමාත්‍යවරයා එහි නොගොස් කොළඹ බලා පිටත්ව ගිය බව දැන ගැනීමට ලැබීමත් සමග විරෝධතාකරුවෝ සිය විරෝධතාව අවසන් කොට ඉන් නික්ම ගියහ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශාස්ත්‍ර ඥානා නමැති කාන්තාව හමුවීමට පැමිණ ඇති බවත් මේ වනවිට අග්‍රාමාත්‍යවරයා උඩමළුව වන්දනා කිරීමට පැමිණ ඇති බවත් එනිසා සියලු දෙනා ස්වර්ණමාලී සෑය අසලට රොක්වන ලෙසටත් අනුරාධපුර ‘ගෝඨා ගෝපුර විරෝධතා කලාපය’ මගින් නිකුත් කළ නිවේදනයක් මගින් වට්ස් ඇප් ඔස්සේ ජනතාවට දැනුම් දී තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment