ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා දන්නවා නම් කියන්න

183

ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් එම තොරතුරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් 10දෙනකු හෝ 12දෙනකු සිටින බව විවිධ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කළත්, එම මන්ත්‍රීවරුන් විසින් ද ද්විත්ව පුරවැසි භාවය ඇති මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න මේ දක්වා හෙළිදරව් කර නොමැති බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය. ද්විත්ව පුරවැසි භාවය ලබාදී ඇති රටවල් විසින් එම තොරතුරු තුන්වන පාර්ශ්වයක් වෙත ලබා නොදෙන බැවින් ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න හඳුනාගත නොහැකි බව ද ඔහු කීය.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment