ශ‍්‍රී ලංකා හමුදාවේ 28 දෙනාට නඩු දාන්න බැෂලේ රටවල් 47කින් ඉල්ලයි

253

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන් 28 දෙනාට එරෙහිව 49 වැනි මානව හිමිකම් සමුළුවට පෙර සර්වලෝක අධිකරණ පද්ධතිය යටතේ සිය රටවලදී නඩු පවරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සාමාජික රටවල් 47කින් ඉල්ලා ඇත.

මෙම නඩු ගොනුකිරීම ස`දහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවද ඇය එම රටවලටද දැනුම්දී තිබේ.

49 වැනි මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 වැනිදා ආරම්භ වේ. මෙම සර්ව ලෝක අධිකරණ පද්ධතියට ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයන් වන බටහිර රටවල් සියල්ල එකඟත්වය පළකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment