අද පාර්ලිමේන්තු එන මැති ඇමැතීන්ගේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය

219

පාර්ලිමේන්තුව රැස් වෙන අද (17 දා) ඊට සහභාගි වන මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම යුද හමුදාව සහ පොලිසිය භාරගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගවල දැඩි ආරක්ෂක රැකවල් යොදවන අතර බුද්ධි අංශ සහ රහස් පොලිස් කණ්ඩායම් පාර්ලිමේන්තු සංකීර්ණය අවට සහ මහා මාර්ගවල යොදවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.අද පාර්ලිමේන්තුව රැස්වන බැවින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දැඩි සෝදිසියට ලක් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment