‘සාරා’ රසිකයන්ගේ ඉල්ලීමක් – හෙක්ටර් ඩයස්

183

සංසාරෙක ඈත ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න අවසර දෙනවාද?
හැමදාකම ළංව ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුඹ වෙන්න ඒකට ඉඩ දෙන්න


මේ දිනවල මේ හඬ ඇසෙන්නේ කණ්ඩායම් සංගීතයේ පෙරළියක් ඇති කරපු වගේම සංගීතයේ පෙරළියක් කරපු දෙන්නෙක්ගෙන්. ඒ විතරක් නෙමෙයි මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ, අගස්ති සහ තරුපති ලෙසින් ද මේ දෙපළ හරි ජනප්‍රියයි. ඇත්තටම හෙක්ටර් ඩයස් වගේම අතුල අධිකාරි, මේ කියන්නේ කා ගැන ද?. ‘සාරා’ කවුද? මේ ‘සාරා’ අතුලට හරි හෙක්ටර්ට හරි හම්බවෙලා තියෙනවාද? අපි ඒ දෙන්නගෙන්ම ඒ ගැන අහල බලමු නේද?

හැමදාම නළුවෙක් විදියට වැඩ කරන්න  බැහැ

● හෙක්ටර්, ‘සාරා’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘සාරා’ දැන් යූටියුබ් එකේ මේ වෙද්දී ටේ‍රන්ඩින් ඇවිත් තියෙනවා. එක දවසින් තමයි එහෙම වුණේ. මම හිතනවා රසිකයන්ට වෙනස් ආකාරයක සංගීත අත්දැකීමක් ගන්න පුළුවන් වේවි කියලා. අපි වෙනස් ආකාරයක දෙයක් කෙරුවයි කියනවා නෙමෙයි. මට හිතෙනවා හොඳ රසයක් තියෙනවා කියලා. අපි දෙන්න ගේ වොයිස් එකේ බ්ලෙන්ඩ් එක හොඳට මැච් වෙනවා කියලා හිතෙනවා. මේක දවසින් දෙකින් අමතක නොවන ගීතයක් වෙන්න ඕනෑ.

● සාරා අදහස අතුලගෙ ද? හෙක්ටර්ගෙ ද?
‘සාරා’ කියන නම මේ ගීතයට වැටුණේ ඇත්තටම නමක් තියන්න ඕනෑ හින්ද? මේක ඩුවට් එකක්. පිරිමි හඬවල් දෙකක් එකට එකතුවෙද්දී ඒකට මොකක් හරි අදහසක් තියෙන්න ඕනෑ නේ. අපේ හඬවල් දෙක පාවිච්චි කරල ආදරය ගැන තමයි කියැවුණේ. ආදරය ගැන කියැවෙනකොට එතැන මුල් වෙනවා ගැහැනියක්. ඒ ගැහැනියගේ සුන්දරත්වය තමයි දෙන්නම කියන්නේ. මට ‘සාරා’ ව හම්බවුණොත් මම සාරාට ආදරය කරන්නේ මෙන්න මේ විදියයි කියලා මම කියද්දී අතුල අයියා කියනවා සාරාව එයාට හම්බ වුණොත් එයා ආදරය කරන්නේ මේ විදිහට කියලා. නැතිව සාරා කියන කෙනෙක් අපේ ජීවිතයට එකතුවීමක් නෙමෙයි.

‘සාරා’ රසිකයන්ගේ ඉල්ලීමක් - හෙක්ටර් ඩයස්

● ගොඩක් ගායකයෝ යුග ගීත ගායනා කරන්නේ ගායිකාවක් සමඟ. ඔබ ඇයි අතුල සමඟ යුග ගීතයක් කළේ.
මම ඇත්තටම ගායිකාවන් සමඟ ගොඩක් ඩුවට් කරලා තියෙනවා. මෙතැනදී මම ඇත්තටම පුංචි වෙනසක් කරන්න හිතුවා. ගොඩක් අඩුයි මේල් ඩුවට් කරනවා. අතුල අයියගෙයි, මගෙයි තව ජවනිකාවක් තියෙනවා, ප්‍රසංග වේදිකාවේ වගේම පුංචි තිරයේ. එතැනදී අපි දෙන්න පුංචි තිරයට ඇතුළු වෙලා තියෙන්නේ නළුවෝ දෙන්නෙක් විදිහට සංගීත අංශයෙන්. ඒ නාට්‍ය ඇතුළේ අපි දෙන්නා යාළුවෝ විදිහට ඉඳලා වෙන්වෙලා තියෙනවා. එතකොට අපේ ප්‍රේක්‍ෂකයෝ ගොඩක් ඉල්ලීම් කළා අතුලයි, හෙක්ටරුයි සින්දුවක් කියන්නකෝ කියලා. ඒ දේවල් මම අවුරුද්දක් තිස්සේ ඉලක්ක කරගෙන හිටියා, කොහොමද අපි දෙන්නගේ සුසංයෝගයක් ගන්නේ කියලා.

මේ දිනවල අතුල අයියටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම දන්න විදිහට මටත් සාමාන්‍ය ප්‍රතිචාරයක් ලැබෙනවා.

● ‘සාරා’ බොහොම ඉක්මනට යූටියුබ් එකේ ටේ‍රන්ඩින් වුණා නේද?
අපේ අලුත් ගීතයක් නිර්මාණය වෙලා එළිදක්වද්දී පොඩ්ඩක් ස්ලෝ වෙනවා. දැන් මේ යන ටේ‍රන්ඩ් එකත් එක්කල අමාරුයි. මේ ගීතය මේ ටේ‍රන්ඩ් එකෙන් පිට තියෙන්නේ. මේ දවස්වල නිර්මාණය වෙන්නේ වෙනස් ආරක ගීත. මියුසික් වීඩියෝ එකක් කළත් එක ටේ‍රන්ඩ් එකක යන්නේ. සින්දුවක් මට දැනෙන විදිහට ඒකාකාරීයි. ඉතිං ඒකෙන් පිට ගිහිල්ලා තියෙනවා.

‘සාරා’ රසිකයන්ගේ ඉල්ලීමක් - හෙක්ටර් ඩයස්

විශේෂයෙන් කියන්න ඕනෙ මගෙ සෙක්සෆෝන් එක සහ එකොස්ටික් ගිටාර් එකේ එකතුවක් තියෙනවා. මේ දවස්වල අතුල අයියත් හරි ආසාවෙන් ගිටාර් එක අතේ තියාගෙන ඉන්නවා. එයා ගේ කීබෝර්ඩ් එක අමතක කරලා බව දකිනවා, මගේ සංගීත භාණ්ඩත් එක්ක නිසා. සංදේශ් බණ්ඩාර තමයි මියුසික් වීඩියෝව නිර්මාණය කළේ. ඔහුගේ කැපවීම සුවිශේෂයි. මෙහි පදරචනය අශේන් චතුවර්තිගෙ.

ඩෙන්සිල් නුගේගොඩ ගේ පදරචනයක් වගේම මේ සේරම එකතුවෙලා හැදුණු ගීතයක් මේක. මේක ඇත්තටම ටීම් වර්ක් එකක්. හොඳ නිර්මාණයක් අහන පිරිස හරි අඩුයි. එක පාරට මිනිස්සු වැළඳ ගන්නේ නැහැ. ඒක අලුත් දෙයක් වුණාම තිස්සෙම ඒ අයගේ කනට ඇහෙන්න ඕනෑ, දකින්න ඕනෑ. එහෙම වුණාහම තමයි මේක එකපාරට එළියට එන්නේ නැත්තේ. මට මේක දවසින් ජනප්‍රිය වෙන්නවත්, ටේ‍රන්ඩින් වෙන්නවත් වුවමනා නැහැ. මට ඕනෑ මේක අපි ඉස්සර අහන ගීත වගේ පවතින්න. දවසින් අහලා දවසින් එළියට දාන්න නෙමෙයි.

අගස්ති හරි ජනප්‍රියයි

● අගස්තිට ලැබෙන ප්‍රතිචාර
මම හැම තිස්සෙම කියනවා මම නළුවෙක් නෙමෙයි කියලා. මට මේ නාට්‍යයට කතා කරද්දී මම එයාලට කිව්වේ මම නත්තලට ගොපල්ලකුටවත් ඉඳලා නැති චරිතයක් කියලා. ඒ කියන්නේ මම රගපෑමෙන් සීරෝ. මම රඟපාපු කෙනෙක් නෙමෙයි. ඇයි මාව මේ චරිතයට තෝරාගත්තේ කියලා විරාජ් වැලිවත්ත සහ චාමර ජයවීර කිව්වේ නැහැ. මට මේක කරන්න පුළුවන් කියලා නිල්වන් මුහුදු තීරයේ ගීතය එළිදැක්වූවාට පස්සේ තමයි, මේ ඉල්ලීම ආවේ. නළුවෙක් නොවන නිසා මම පස්ස ගැහැව්වා. සාරා භාරගෙන කරද්දී මුලදී හොඳ ප්‍රතිචාර තිබුණේ නැහැ. දැන් මම දකින ප්‍රතිචාර අනුව අගස්ති නැතිනම් මේ නාට්‍යය බලන්නේ නැහැ කියන තැනට ඇවිත් තියෙනවා.

මේ වෙද්දී මම මොනවා හරි ෂෝ එකකට ගියත් මාත් එක්ක ෆොටෝ එකක් ගන්න එන්නේ හෙක්ටර් ඩයස් එක්ක ෆොටෝ ගන්නවා කියන අදහසින් නෙමෙයි, ‘අපි හරි ආසයි අගස්තිට, අනේ ෆොටෝ එකක් ගමු’ කියලා.

● අගස්ති හෙක්ටර්ගේ ජීවිතයේ ලොකු පිටුවක් පෙරළුවා නේද?
මම දැන් විහිළුවට වගේ කියනවා හෙක්ටර් ඩයස් නම අයින් කරලා උප්පැන්න සහතිකේ හදන්න ඕනෑ අගස්ති කියලා. මොකද වැඩිපුර මිනිස්සු අතරට ගිහිල්ල තියෙන්නේ අගස්ති කියන නම තමයි. හෙක්ටර් ඩයස් කියන නම යම් ප්‍රමාණයක් තියෙනවා, ඊට වඩා ගොඩක් දුර ගිහිල්ලා අගස්ති කියන නම. නමුත් මම අගස්ති නෙමෙයි. ඉස්සරහට ගායකයෙක් විදිහට වැඩ කරන්න ඕනෑ. හැමදාම නළුවෙක් විදියට වැඩ කරන්න බැහැ. එතැනට මම කොහොමත් සාධාරණයක් ඉෂ්ට කරනවා. මිනිස්සු අතර රැඳෙන්න ඕනෑ නිසා අගස්ති කියන චරිතය කළු තරිතයකින් පටන් අරගෙන සුදු චරිතයකින් ඉවර වෙන්නේ. ඒක මට හරි වටිනවා.

දිනේෂ් විතාන
ඡායාරූපය – දිනුක චමෝද්

advertistmentadvertistment
advertistmentadvertistment