කැනඩාවේ ගෝත්‍රික වැසියන් 10ක් පිහියෙන් ඇන මරා දමති – තවත් 15කට තුවාල

489

අපරාධය සිදුකළ සොහොයුරන් දෙදෙනා අල්ලා  ගැනීමට පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කරයි

 කැනඩාවේ සස් කි්‍යු වේචන් ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු විසින් පුද්ගලයන් 10කට පිහියෙන් ඇන මරා තවත් 15කට බරපතළ තුවාල සිදුකර ඇත.

 මෙම අපරාධය සිදුකළ සොහොයුරන් දෙදෙනා ඩේමියන් සැන්ඩර්සන් සහ මයිල්ස් සැන්ඩර්සන් යැයි හඳුනාගෙන තිබේ.

 මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නැති අතර කැනඩා පොලිසිය ඔවුන් සොයා ප්‍රාන්ත රැසක දැවැන්ත මෙහෙයුමක් අරඹා ඇත.

 ඝාතනයට ලක්වූයේ එරට පාරම්පරික පදිංචිකරුවන්ය. මෙම ඝාතනයට මුල්වූ හේතුව මෙතෙක් හෙළිවී නැත. මහදවල් සිදුවූ මෙම බිහිසුණු අපරාධය නිසා කැනඩා ජනතාව භීතියට පත්වී තිබේ.

 කැනඩා පොලිසිය පැවසුවේ මෙම අපරාධය සිදුවීමෙන් පසු නගර රැසක ආරක්‍ෂාව තරකර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment