ග්ලයිෆෝසේට් ආනයනයට  මුදල් කාරක සභාවේ අනුමැතිය

102

වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කාරක සභාව පසුගිය 02දා රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිවිය. මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව මෙහිදී ග්ලයිෆෝසේට් සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

ග්ලයිෆෝසේට් භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් සැලකිල්ලට ගනිමින් ග්ලයිෆෝසේට් ආනයනය තහනම් කළද, තේ සහ රබර් වගාවල අපනයනයට පවතින බාධා සහ වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය මර්දනය කිරීමේ අවශ්‍යතාව ආදී හේතු නිසා සීමාසහිතව හෝ ග්ලයිෆෝසේට් ආනයනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම මෙමගින් ඇතිවන සෞඛ්‍යමය සහ පාරිසරික බලපෑම සම්බන්ධවද මන්ත්‍රීවරු සහ නිලධාරීහු මෙහිදී අදහස් පළ කළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment