සිරුරේ ජීව ශක්තිය වර්ධනය කරන චීන කටු චිකිත්සාව

310

ජීව ශක්තිය වර්ධනය කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තියද දෙගුණ තෙගුණයකින් වැඩි කළ හැකිවේ. චීන කටු වෛද්‍ය ක්‍රමයේදී නිල ස්ථාන උද්දීපනය කිරීමට විවිධ කටු වර්ග, විද්‍යුත් උත්තේජන යන්ත්‍ර කපින් තෙරපි, මෝක්ෂා උපකරණ භාවිතය සහ කොස්මැටික් ඇපරේටස් ආදී උපකරණ භාවිතා කරනු ලබයි.

වර්තමානයේ රෝග ප්‍රතිකාර සඳහා ක්‍රියාත්මක වන ප්‍රතිකාර ක්‍රම අතර කටු චිකිත්සාවද (Acupuncture) ප්‍රමුඛ ස්ථානයක පවතී. මෙම ප්‍රතිකාර ක්‍රමය අප රට තුළ ද පවතී.

මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සිදුකරන්නේ අපගේ ශරීරයේ ඇති නිල ස්ථාන තෙරපුමට ලක්කරමින් රෝග සුව කිරීමය. මෙය චීන කටු චිකිත්සාව ලෙසද හඳුන්වයි. කටු චිකිත්සාව (Acupuncture) තුළ ඇති වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට වඩා විශේෂත්වය වන්නේ ඖෂධ වර්ග කිසිවක් භාවිතා නොකර නිල ස්ථානවලට පමණක් ප්‍රතිකාර කර රෝග සුවපත් කිරීමය. එනම් සිරුරේ ඇති ජීව ශක්තිය වර්ධනය කරමින් ප්‍රතිකාර කිරීමය. මෙය වසර තුන්දහසකට වඩා පැරණි ප්‍රතිකාර ක්‍රමයකි.

● ප්‍රතිකාර කරන අයුරු

ශරීරයේ හිස සිට දෙපතුල දක්වා පිහිටා ඇති නිල සිරුර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියයන් හා සම්බන්ධය. ඒ අනුව මතුව ඇති රෝගයට අදාළ නිල තෙරපුමට ලක් කිරීම මගින් ප්‍රතිකාර කරනු ලබයි. මෙහිදී නිල තෙරපුමට ලක් කරනුයේ චීන කටු චිකිත්සාවට භාවිතා කරන කටු මගිනි. මෙම නිල තෙරපුම මගින් සිදුකරනුයේ සිරුරේ ඇති ජීව ශක්තිය වර්ධනය කිරීමය. අප රෝගවලට ලක්වන්නේ සිරුරේ ජීව ශක්තිය දුර්වල වූ විටදීය. එබැවින් එම ජීව ශක්තිය වර්ධනය කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තියද දෙගුණ තෙගුණයකින් වැඩි කළ හැකිවේ. චීන කටු වෛද්‍ය ක්‍රමයේදී නිල ස්ථාන උද්දීපනය කිරීමට විවිධ කටු වර්ග, විද්‍යුත් උත්තේජන යන්ත්‍ර කපින් තෙරපි, මෝක්ෂා උපකරණ භාවිතය සහ කොස්මැටික් ඇපරේටස් ආදී උපකරණ භාවිතා කරනු ලබයි.

● ප්‍රතිකාර කරන රෝග

චීන කටු චිකිත්සාව මගින් සිරුරේ මතු ඇති වේදනාවන් සහ කැක්කුම් ඉතා ඉක්මනින් සුවපත් කළ හැකිය. හිස සිට දෙපතුල දක්වා හටගන්නා වේදනාවන් ඊට අදාළ නිල තෙරපුමට ලක් කිරීමෙන් දින කිහිපයක් ඇතුළත සුවපත් කළ හැකිය.

විශේෂයෙන්ම හිසරදය සඳහා චීන කටු චිකිත්සාව මගින් ඉක්මනින් සුවය ලබාගත හැකිය. සම එල්ලා වැටීම, රැළි ගැසීම, වියළීම, දුර්වර්ණව පැවතීම සඳහා ද ප්‍රතිකාර කළ හැකිය.

තරබාරුව, ලිංගික දුබලතා, වකුගඩු ආශ්‍රීත රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රීත රෝග බෙල්ල සිට දෙපතුල දක්වා හට ගන්නා වේදනාවන් සඳහා නිල ප්‍රතිකාර සාර්ථක ප්‍රතිඵල ලබාදේ.

එහිදී උරහිස වේදනාව, දෑත් දෙපා ඇඟිලිවල හටගන්නා වේදනාව, දණහිස වේදනාව, ස්නායු දුර්වලතා කඩිනමින් සුවපත් කළ හැකිය.

මෙහිදී හිසරදය සඳහා චීන කටු චිකිත්සාව මගින් දින 08 ක් වැනි කාලයක් තුළ සුවය ලබාදිය හැකිය. වර්තමානයේ චීන කටු වෛද්‍ය ක්‍රමයේ එය ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්ව ඇත.

ප්‍රතිකාර ලබා ගැනීමේදී චීන කටු චිකිත්සාවේදී ඖෂධ වර්ග ලබා නොදෙන නිසා සුවිශේෂී ආහාර පාලනයක් සිදුකළ යුතු නැත. නමුත් අප සෑම පුද්ගලයෙක්ම තම නිරෝගී සෞඛ්‍ය සඳහා නිසි ආහාර පාලනයක් සිදු කළ යුතුය. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සීනි ආහාර බහුලව ගැනීම නොකළ යුතුය. තරබාරු අය තෙල් අධික ආහාර ගැනීම සීමා කළ යුතුය.

මෙම ප්‍රතිකාර ක්‍රමය කුඩා දරුවකුගේ සිට වයසක පුද්ගලයකු දක්වා වූ ඕනෑම වයසක අයෙක් සඳහා භාවිතා කළ හැකිය.

චීන කටු චිකිත්සාව මගින් සිදුකරන සිරුරේ ජීව ශක්තිය වැඩිදියුණු කිරීම නිසා සිරුරේ ප්‍රතිශක්තියද දෙගුණ තෙගුණ ලෙස වර්ධනය වීම මගින් රෝග සුවපත් කිරීමට එය ඉවහල් වන අතරම වෙනත් රෝග වර්ග සිරුරට ඇතුළු වීමද පාලනය කරගත හැකිය. එසේම කිසිදු ඖෂධයක් භාවිතා නොකරන නිසා අතුරු ආබාධ කිසිවක් හට ගන්නේ ද නැත.

වැඩිදුර විස්තර සඳහා 0714299777 ඇමැතිය හැකිය.

සිරුරේ ජීව ශක්තිය වර්ධනය කරන චීන කටු චිකිත්සාව

කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment