සිසුවියට අතවර කළ ටියුෂන් ගුරාට දැල එළයි

98

පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් බියගන්වා, අවස්ථා කිහිපයකදී බරපතළ අපයෝජනයක් සිදුකළ උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (07 දා) විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මීට මාසයකට පමණ ඉහතදී උපකාරක පන්තියකට දැරිය ගිය අවස්ථාවේදී, සැකකාර ගුරුවරයා එහි උඩුමහලට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය කියයි. පෙරේදා (7 දා) දිනයේ දැරිය ඉගෙනුම ලබන පාසල අසලට යතුරුපැදියකින් පැමිණ ඇති සැකකාර ගුරුවරයා, දැරිය අසලට පැමිණ පාසල් නොයන ලෙස පවසා පෙර දිනවල සිදුවීම් ප්‍රචාරය කරන බවට බිය ගන්වා, යතුරුපැදියේ නංවාගෙන ලැගුම්හලක් තුළදී දැරිය බරපතළ අපයෝජනයකට ලක්කර ඇති බව ඇයගේ ප්‍රකාශවල සටහන් වේ.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment