ලෝක රූ රැජිණ චෙක් රාජ්‍යයට

949

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබේ.71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබීය.එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා එහිදී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූවාය.අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත්ව තිබුණාය.වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම වි‍ශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment