ශ්‍රීපාදය බලන්න එන අයගෙන් වනජීවීය මුදල් අය කිරීමට එරෙහි උද්ඝෝෂණ

59

නල්ලනත්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය බලා පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් මුදල් අය කිරීමට එරෙහිව ඊයේ (08 දා) පෙරවරුවේ නල්ලතන්නියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. උද්ඝෝෂකයෝ නල්ලතන්නිය නගරයේ සිට ශ්‍රීපාද මාර්ගය මකර තොරණ දක්වා පංච තූර්ය නාදය මැද්දේ විරෝධතා පුවරු අතැතිව ගමන් කර වනජීවී කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වූහ. මෙහිදී උද්ඝෝෂණයට එක් වූ පිරිස කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් මෙසේ මුදල් අය කිරීම අසාධාරණ බවත්, එය නවත්වනු නොලැබුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

මෙම අවස්ථාවට සංඝයා වහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටි අතර සංචාරක මඟපෙන්වන්නන්, සංචාරක නිවාඩු නිකේතන හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මස්කෙළිය – ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment