පාමංකඩ සුපිරි නිවසක මත්ද්‍රව්‍ය තිප්පොළක්: කෝටි 8ක බඩු සමග සැකකරුවෙක් දැලේ

484

පාමංකඩ ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය තිප්පොළක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි තිබූ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු පෙරේදා (02 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් 27හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු රුපියල් ලක්ෂ එකහමාරක මාසික කුලී පදනමක් මත මෙම සුපිරි මහල් නිවාසය ලබාගෙන කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිටින ලිමෝන් නමැති පුද්ගලයකු විසින් මෙම මත්ද්‍රව්‍ය තමාට ලබාදෙන බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

ජාවාරම්කරු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් 2ක් සහ කුෂ්, ඈෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කීපයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment