සාන්තුවර චරිත: සිසිලියා මුනිශ්වරිය

750

ශුද්ධ වූ සභාව තුළ ගැයීමට හිමිවන්නේ ඉතාමත් ඉහළ ස්ථානයකි. එම ගැයීම දෙවිඳුන්ට ප‍්‍රශංසා වන අතර උන්වහන්සේගේ අසිරිමත් කි‍්‍රයාවන් විදහා පෙන්වයි. ගැයුමෙන් දෙවියන් වහන්සේට ප‍්‍රශංසා කළ සාන්ත සිසිලියා මුනිශ්වරිය ප‍්‍රාණ පරිත්‍යාගීවරියකි.

දෙවන ශත වර්ෂයේ රෝමයේ වංශවත් පවුලක උපත ලැබූ කුඩා දියණිය තම නිවසට සතුටක් සහ ආලෝකයක් ගෙනෙන ලද්දේය. ඇයගේ දඟකාර කම් සහ හැසිරීම් මෙම නිවසට සතුටක් විය. සිසිලියා යන නමින් හඳුන්වනු ලැබූ ඇගේ පියා රදල පෙළපතකින් පැවත එන අන්‍ය ආගමිකයෙකි. කිතුනුවෙකු වූ සිසිලියාගේ මව තම දියණියට දහම උගන්වමින් යහපත් දරුවෙකු බවට පත් කළාය. තම මවගේ දිවි පෙවත අනුව කටයුතු කළ ඇය ප‍්‍රසාද ස්නාපනය ලබා දේව දියණියක් වූවාය.

යෞවනය පැමිණෙන සිසිලියා රූමත් වූත් දක්ෂතාවලින් අනූන තරුණියක් කලාවට පරිසරයට ආශා කළ සිසිලියා දෙවිඳුන්ට ප‍්‍රශංසා කිරීමට ඇය තම සංගීත හැකියාව උපයෝගි කර ස්වර මුමුණමින් දෙවියන්ට ප‍්‍රශංසා කිරීම තමා ආරක්ෂා කිරීමට දෙවියන් වහන්සේ රැකවල් දේව දූතයන් යොදවා ඇතැයි විශ්වාස කළ මෙතුමිය නිරහංකාර සාමාන්‍ය ජීවිතයක් ගතකරනු ලැබුවාය. මෙම යුගයේදී රෝමයේ ළඳුන් සිය ජීවිතය ලංසුගත කරමින් දෙවිඳුන්ට ප‍්‍රසන්න නොවන ජීවිත ගත කරමින් සිටි අතර මෙතුමියට අවශ්‍ය වූයේ දෙවිඳුන්ට ප‍්‍රසන්න, නිරහංකාර, නිහතමානීව සදාකාලික කන්‍යාවක් වීමයි.

සිසිලියා නම් රූමත් තරුණියගේ ධනවත් පියා ඇය විවාහ කර දීමට කටයුතු සැලසුම් කළේය. සිය බලාපොරොත්තු සුන් වී යන බව දැන ගත් සිසිලියා නම් තරුණිය තම පියා අමතා කියා සිටියේ මුළු ජීවිත කාලයම කන්‍යාවක්ව සිටිමින් දෙවිඳුන්ට කැපව දිවි ගෙවන බවයි. මෙවදන් අසා කෝපයට පත් ඇයගේ පියා වැලේරියන් නම් තරුණයාට ඇයව බලහත්කාරයෙන් විවාහ කරදෙනු ලැබුවාය. සිසිලියා පැවසූ කරුණ විශ්වාස නොකළ වැලේරියන් ඇය පවසන දේවදූතයා තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. සෙසු ආගමිකයකුවූ වැලේරියන්ට දේව දූතයා දැක ගැනීමට බෞතිස්ම ලබා ගන්නා ලෙස එතුමිය පැවසීය.

තම බිරිඳ පැවසූ දේවදූතයා දැක ගැනීමට ආශා කළ වැලේරියන් තම සහෝදරයකුගේ මාර්ගයෙන් බෞතිස්මය ලබා ගත්තේය.

ඇය දෙවියන් වහන්සේගේ ගුණ ගායනා කරමින් සිටියහ. ඉන් වඩාත් කෝපයට පත් හමුදා පාලකයින් ඇයව ජලයේ ගිල්වා හුස්ම හිර කර මරා දැමීමට තීරණය කළේය. ඒ තුළින් ද ප‍්‍රතිඵල ශුන්‍ය බවට පත් හමුදා පාලකයින් දැඩි කෝපයෙන් යුතුව ඇයගේ ගෙල බාගෙන කපා දැමීමට අණ කරනු ලැබිණි.

මින් අධික ලෙස දින තුනක් රුධිරය ගැලීමේ හේතුවෙන් එතුමිය ස්වර්ගස්ථ වූවාය. එතුමියගේ දේහය කැලිස්ටස් කැටකුම් හී සාන්ත සිසිලියා මුනිශ්වරිය ජීවත් වූ නිවස පිහිටි ස්ථානයේ සිසිලියා මුනිශ්වරියගේ වැලේරියන්ගේ සහ ඔවුන්ගේ සොයුරා වන තිබුර්කියස්ගේ දේහයන් තැන්පත් කළේය. ප‍්‍රාණ පරිත්‍යාගශීලීන් ලෙස නම් කර නව වන සියවසේදී සුදවරයට ඔසවනු ලැබුවාය.

1599 දී මෙතුමිය තැන්පත් කර තිබෙන ස්ථානයේ බැසිලිකාවක් ඉදිකරනු ලැබූහ. සංගීතඥයන්ගේ ආරක්ෂක මුනිවරිය ලෙස නම් තිබෙන මෙතුමියගේ නමින් රෝමයේ සංගීත ආයතනයක් ද නම් කර තිබේ.

සරත් අතුකෝරල

advertistmentadvertistment
advertistmentadvertistment