දුර්ලභ ශිලා ලේඛනයක් දිඹුලාගලින් හමුවෙයි

165

පිටපත් කිරීම ඇරැඹෙයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවූ බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බව වාර්තා වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගැනීමට සමත්ව තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මාසකට අධික කාලයක් ගතවේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමි සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු ආරම්භ කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment