අංගොඩින් පැන්න 6දෙනෙක් නැවත රෝහලට

163

සෞඛය වැඩ වර්ජන අස්සේ අංගොඩ ජාතික මානසික විද්‍යාතනයෙන් පලාගිය රෝගින් 6 දෙනකු එම නිවැසියන් මාර්ගයෙන් නැවත රෝහලට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එම රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මොවුන් රෝහලෙන් පලායෑම සම්බන්ධයෙන් දැනටමත් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර ඇතැයි ද හෙතෙම කීය.

මෙම රෝගීන් පලාගොස් තිබුණේ පසුගිය 09 වැනිදාය.

සෞඛ්‍ය වෘත්තිය සමිති වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කර තිබෙන මොහොතක මෙම රෝගීන් හොර රහසේ පැන ගොස් තිබිණි.

මේ අතර, ඊයේ (11 දා) දිනයේ ද අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ සේවයට පැමිණ සිටියේ හෙද නිලධාරීන් 40 දෙනකුටත් අඩු සංඛ්‍යාවක් බව ද හේ සඳහන් කළේය.

රෝගීන්ගේ වැඩ කටයුතු වෛද්‍යවරුන් හා රෝහල් කනිෂ්ට කාර්ය සහායකයින් එක්ව සිදුකරනු ලැබූ බව ද හෙතෙම කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment