මාවනැල්ලේ ත‍්‍රීරෝදකරුවෝ සහන ඉල්ලා වීදි බසිති

96

ලීසිං සහන හා ඉන්ධන සහනය ඇතුළු තවත් සහන කිහිපයක් ලබාදෙන්නැයි ඉල්ලා මාවනැල්ල ඒකාබද්ධ ත‍්‍රිරෝද රථ සේවා සංගමයේ සමාජිකයෝ එක්ව බෙලිගම්මන සිට රථ පෙළපාලියකින් පැමිණි මාවනැල්ල ප‍්‍රධාන බස් නැවතුම ඉදිරිපිටදී 21 දා උදෑසන සාමකාමී විරෝධතාවක නිරතවූහ.

මාවනැල්ල ඒකාබද්ධ ත‍්‍රිරෝද රථ සේවා සංගමය එක්ව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය පෙරවරු නවයයි විස්සට පමණ ආරම්භ කරමින් විරෝධතා ව්‍යාපාරයට එක්වූ ත‍්‍රිරෝද රථවල ‘ඉන්ධන සහන ලබාදෙනු, ලීසින් සහන ලබාදෙනු, ලියාපදිංචි ත‍්‍රිරෝද රථ ගාල්වල අයිතිය ලබාදෙන්නැයි’ විවිධ සටන් පාඨ සඳහන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් බෙලිගම්මන සිට මාවනැල්ල නගරය ප‍්‍රධාන බස් නැවතුම දක්වා පැමිණියේය.

අරණායක – රෝහණ ජයරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment