සා පෙළ නිම වූ පසු පාසල්වලට හානි කළ සිසුන්ට නීතිය තදින්

258

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු පාසල්වල දේපළවලට අලාභහානි සිදුකළ සිසුන් සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

පාසල්වලට සිසුන් පැමිණෙන්නේ අධ්‍යාපනය ලැබීමට බවත් ඉගෙන ගන්නා පාසලේම දේපළවලට හානි සිදුකරනවා නම් එම සිසුන් පාසල්වලින් ඉගෙන ගත් ආකාරය පිළිබඳව අධ්‍යයනයක් සිදුකළ යුතු බවත් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු ඇතැම් පාසල්වල දේපළවලට හානි කළ බවට වාර්තා වීමෙන් පසු පොලිසිය මගින් ගන්නා නීති ක්‍රියාමාර්ගවලට අමතරව එම පාසල්වල විදුහල්පතීන්ට ද සිසුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment