ඔබත් හිසරදයෙන්  පීඩා විඳිනවාද?

1827

අද සමාජයේ කුඩා, තරුණ, මහලු, බොහෝ පිරිසක් පීඩා විඳින රෝගී තත්ත්වයක් බවට “හිසරදය” පවත්ව ඇත. මෙය විවිධාකාර හේතු මත ඇතිවන රෝග තත්ත්වයන්ගේ රෝග ලක්ෂණයන් ලෙස හැඳින්විය හැකිය.

 මිග්‍රේන් හෙවත් ඉරුවාරදය ලෙස හඳුන්වන හිසරදය කුමන රෝගී තත්ත්වයක්ද?

 දිගු කාලයක් විඳවන හිසරදයක් ලෙස ඉරුවාරදය හැඳින්විය හැක. ඉරුවාරදය හිරු උදාවත්ම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි වෙනවාත් සමග ප්‍රබල වේ. හිරු බැසයත්ම සංසිඳීයෑම සූර්යාවර්ථනය යන නමින් හැඳින්වීමට හේතු පාදක වී ඇත. මෙය මොළයේ රුධිර නාලවල වෙනස්වීමක් හා අනිසි උත්තේජනයක් නිසා ඇතිවන්නක් වනවා.

 මිග්‍රේන් හෙවත් ඉරුවාරදයට හේතු සාධක මොනවාද?

 ඉරුවාරදයන් වැනි හිසරදයන් ඇතිවීමට හේතු සාධක නිතර රසායනික ද්‍රව්‍ය අධිකව ආහාරයට ගැනීම, තෙල් අධික පිෂ්ඨය අධික ආහාරයට  ගැනීම, තද හිරු එළියට නිරාවරණය වීම, මානසික ආතතිය ආදියය.

 මිග්‍රේන් නමැති හිසරදය හඳුනාගත හැක්කේ මොන ආකාරයෙන්ද?

 හිසේ පැත්තක හෝ දෙපසට ඇතිවන වේදනාව ඇතුළතින් අනින්නාක් ලෙස දැනෙන අධික වේදනාව, ආලෝකය දැරිය නොහැකි බව අන්ධකාරයට කැමති බව, ශබ්ද ගන්ධයක් දැනෙන විට වේදනාව වැඩිවීම, වමනය යෑම හෝ ඔක්කාර ගතිය, නොසන්සුන් බව, කරකැවිල්ල, පෙනීමේ දුර්වලතා ආදියයි.

 මෙවන් ලක්ෂණ බොහෝ විට තරුණ අවධියේදී හා මැදිවියේ ඇතිවිය හැකියි. මෙම හිසරද දවස් හතරක් මුළුල්ලේ පැවතිය හැක. සමහරුන්ට පමණක් මෙය පැහැදිලිව නිරීක්ෂණය කරගත හැකි වෙයි. එනම් මූලික අවධිය මෙහිදී හිසරදය දින දෙක තුනකට පෙර මළ බද්ධය, මානසික නොසන්සුන්තාවය, ගෙලේ ඇතිවන තද බව, පිපාසය වැනි ලක්ෂණ ඇතිවේ. තවද ස්නායු අනිසි ලෙස උත්තේජනය වීම නිසා ඇස්වල එළි යන්නාක් මෙන් පෙනීම, බැලීමේ අපහසුතා ඇතිවීම, ඇස් නැටීම, ශබ්ද ඇසීම ආදිය ඇති වෙයි.

 මෙහි පූර්ව අවධිය පැය 72 පමණ පවතින නමුත් එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිකරණය වෙනස් වෙනවා. පසු අවධියට පැමුනුහොත් වේදනාව දිගුකාලීනව පවතින අතර මේ අවස්ථාවන්හිදී ප්‍රබලව මානසික නොසන්සුන්බව, කැරකිල්ල, ශරීරයේ දුර්වල බව, එළිය බැලීමට නොහැකි වීම ප්‍රධාන ලෙස පැවතිය හැක. ඉරුවාරදය විශේෂයෙන්ම කාන්තාවන් තුළ බහුලව දක්නට ඇති බවද කිව යුතුය.

 මිග්‍රේන් තත්ත්වය පමණක්ම හිසරදයට ඉවහල් වන බව කිවනොහැක. තව බොහෝ හේතු සාධක මේ සඳහා ඇතිවිය හැක.

 වෙනත් හිසරදයන්ට හේතු සාධක මොනවද?

 අද කාලයේ පාසල් ළමුන්ට, කාර්යාල වැඩ කරන උදවියට වත්මන් සමාජයේ බොහෝ දෙනෙක්ට හිසරදයට තව හේතුවක් වන්නේ ගෙල ජනක හිසරදය හෙවත්  (cervicogenic headache) නමැති රෝගය විය හැකියි. බෙල්ලේ කොඳුඇට පෙළෙන් ආරම්භ වන සුෂුම්නා ස්නායු විශේෂයෙන් C1″ C2″ C3 යන සුෂුම්නා ස්නායු කපාල ස්නායු වන න්‍යෂ්ටියකට (Trigeminal nerve) සම්බන්ධව පවතින මේ සම්බන්ධතාවය ගෙලෙහි ඇතිවන සංකූලතාව නිසා හිසට බලපෑමක් ගෙනදෙනවා. මෙහිදී ගෙලෙහි කශේරුකාවල හෝ කශේරුකා මට්ටම්වල තදවීමක් නැතහොත් කශේරුකා අතර තෙරපීමක්  (cervical disc bulge) හෝ දිරායාම නිසා  (cervical spondylosis) ඇතිවන තත්ත්ව දැකිය හැකියි. එම නිසා බෙල්ලේ වේදනාව සමග හිසරදය වැඩිවීම, බෙල්ල සෙලවිය හැකි ප්‍රමාණය සිමා වීම, ගෙල අවට මාංශ පේශි තද වීම, එම මාංශ පේශි අතින් තද කරන විට හිසරදය අඩු වැඩි වීම වැනි ලක්ෂණ ඇතිවිය හැක. තවද එය වර්ධනය වුවහොත් රුධිරය අඩපන වීම නිසාද ස්නායු තෙරපීම නිසාද ක්ලාන්ත ගතිය, සමතුලනතාවය බිඳ වැටෙන්න යෑම සිදුවිය හැක.

 මීට අමතරව හිසෙහි කෝඨර දාහය හෙවත් සයිනස් සෙම ආශ්‍රිත ඇතිවන ප්‍රදාහක තත්ත්ව (sinusitis) නිසාද පොකුරු හිසරදය (cluster headache) ද, මානසික ආතතිය නිසා ඇතිවන (Tension headache) ද දැක්විය හැක. ඇස්වල පවතින දුර්වලතාවය නිසාද හිසරදය ඇතිවිය හැක.

 හිස කැක්කුම කුමන ආකාරයක හේතු සාධක ඇතිව ඇතිවුණද හිස් කැක්කුමක් වැළඳුන විට එහි ඇති තිව්‍රරතාව සහ කැක්කුමෙහි දැඩිබව  රෝගියාගෙන් රෝගියාට වෙනස්ය. නිදසුනක් ලෙස හිසරදය හටගත්විට මුළු හිස්කබලම වේදනා දෙන්ට පුළුවන. නැතහොත් හිසෙහි එක පැත්තක කැක්කුම, ඇස් දෙක වටේට කැක්කුම හෝ හිස් කබල පිටුපස කැක්කුම වශයෙන් වේදනාව හටගැනීමට, පුපුරන්නාක් මෙන් වේදනාව, විදුලි කොටන්නාක් මෙන් වේදනාව, මිටියකින් ගසන්නාක් මෙන් වේදනාව, සතියකට වරක් එන හිසරදය, මාස කිහිපයකට වරක්, සෑම වසරකම එක කාලයකදී හෝ දිනපතා වුවද සෑදෙන රෝග ලක්ෂණයන් අපට දැකිය හැකි.

 හෝමියෝපති ප්‍රතිකාර  පුද්ගලයාගෙන් පුද්ගලයාට හිසරදයකදී වෙනස්ව දැකිය හැකි රෝග ලක්ෂණය හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ ඉතා වැදගත් වන අතර එම රෝග ලක්ෂණයට හෝමියෝපති මූලධර්මයට අනුව රෝගයට සමාන ප්‍රතිකාරය තුළින් රෝගයේ සුවය එනම් “සමාන දෙයින් සමාන දේ සුවපත් වේ” යන මූලධර්මය අනුව ඔවුනොවුන්ගේ අවේනිකව හටගත් රෝග ලක්ෂණයන්ට අදාළව නිවැරදි හෝමියෝපති ඖෂධීය ප්‍රතිකාරය මගින් ක්‍රම ක්‍රමයෙන් රෝග ලක්ෂණය පහව යන්නේ රෝග ලක්ෂණයේ එනම් වේදනාවට හේතු වූ හේතු සාධක නැති කරමින් යථා තත්ත්වයට පත්වීමෙන්ය. මේ අනුව හිසරදයට හේතු වූ කරුණු හිසෙහි ඇතුළාන්තයෙන්මද බෙල්ලෙහි ව්‍යුහාත්මක වෙනස් වීමද යථාතත්ත්වයට පත්වීම හිසරදය නිසා පීඩාවට පත්වූ රෝගියා ක්‍රම ක්‍රමයෙන් සුවය ලැබීම මෙමගින් පූර්ණව අත්දකිනු ඇත. ඒ අනුව හිසරදය සම්පූර්ණයෙන්ම නැතිවී යන්නේ කිසිම වේදනාශකයන් නොමැතිව රෝග මූලයෙන්ම ඔබ ලබන සුවය නිසැක සුවයයි. මේ අතරින් පාවිච්චියටද පහසු අතුරු ආබාධ නොමැති හෝමියෝපති ප්‍රතිකාර මගින් හිසරදය නමැති පීඩාවෙන් අත්මිදී මෙම නිසැක සුවය අත්දැකීම මාගේ පැතුමය.

ඔබත් හිසරදයෙන්  පීඩා විඳිනවාද?

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0718250717 ඇමතිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment