ශිෂ්‍යත්ව විභාගයට පිටත්වීමට – සුබ නැකත් සහ චාරිත්‍ර

161

● විභාගයට පිටත්වන දින උදෑසන ආහාරය ගැන සැලකිලිමත්වීම මැනවි. උදරාබාධ වලට හේතු විය හැකි ආහාරපාන දීම නොකළ යුතු වේ.
● උදෑසන ද මල් පහන් පූජා කරන්න. මා පියන් නමැද දරුවා පිටත් කරවීම මැනවි.

ශිෂ්‍යත්ව විභාගයට පිටත්වීමට - සුබ නැකත් සහ චාරිත්‍ර

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි ඉරිදා ආරම්භ කිරීමට නියමිතය. අනාගතය තීරණය වන කඩඉම් විභාගයක් ලෙස ශිෂ්‍යත්ව විභාගයට ඇත්තේ දරුවන්ගේ ද ගුරු දෙගුරුන්ගේ ද විශේෂ සැලකිල්ලකි. නගරයේ ප්‍රසිද්ධ විiාලයකට ඇතුළුවීමට වරම් ලැබෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට වැඩි ලකුණු ලබාගැනීමෙනි.

මහත් බලාපොරොත්තු ඇතිව මුහුණ දෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පිටත්වීමට සුදුසු සුබ නැකත් හා චාරිත්‍ර මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. නැකත් සෑදීමේදී අනුගමනය කරන ජන්ම නැකතට හෝ ලග්නවලට ගැලපීම මෙහිදී කළ හැකි නොවන අතර ග්‍රහබල, රාශි බල, හෝරා බල එකතු කරමින් පොදුවේම අනුගමනය කළ හැකි දිව්‍යමය ශුභ නැකත් ද යොදා ගනිමින් මෙම නැකත් සාදා ඇත. එමෙන්ම විභාගයට පෙර සෙනසුරාදා දින කළ හැකි චාරිත්‍ර නිර්දේශ කරනු ලැබේ.

පළමු කටයුත්ත වන්නේ දරුවන්ට අනවශ්‍ය ලෙස බලපෑම් නොකළ යුතු බවයි. ෆේල් වෙලා නම් ගෙදර එන්න එපා. මම හොඳ වැඩක් කරනවා” ආදී වශයෙන් දරුවන් බිය ගැන්වීම කිසිසේත් නොකළ යුතුය. පෙර සෙනසුරාදා දින සවස ළඟම ආගමික ස්ථානයට ගොස් තම තමන්ගේ ආගම් අනුව වතාවත් කරන්න. විභාගය යනු බුද්ධිය මැන බලන අවස්ථාවකි. බුද්ධියෙන් ද ප්‍රඥාවෙන් ද ලොව පහළ වූ මහා ශ්‍රේෂ්ඨතමයාණෝ බුදුන්වහන්සේ ය. එම නිසා බුදුන් වහන්සේට වන්දනා කළ පමණින් ද මහත්ඵල ආනිශංස ලැබෙන බව කියා තිබේ.

මේ නිසා බෞද්ධයන් තමා ළඟම විහාරස්ථානයට ගොස් තෙරුවන් වන්දනා කළ යුතුය. බෝධි පූජාවන් කිරීම ද සුදුසුය. කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දෙන්න. තුණුරුවන්ගේ පිහිට සහ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. බුද්ධිය ලැබීම උදෙසා දහම් පඬුරු පූජාව විශේෂ පිංකමකි. මේ නිසා පන්සලේ ස්වාමීන්වහන්සේලාට උවමනා කරන පොත් පත් පූජා කිරීම විශේෂ පිංකමක් වේ. මේ පිනෙන් දරුවාට විභාගය සමත්වීමට තව තවත් ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරන්න.

විභාගයට පිටත්වන දින උදෑසන ආහාරය ගැන සැලකිලිමත්වීම මැනවි. උදරාබාධ වලට හේතු විය හැකි ආහාරපාන දීම නොකළ යුතු වේ. උදෑසන ද මල් පහන් පූජා කරන්න. මා පියන් නමැද දරුවා පිටත් කරවීම මැනවි. උදෑසන 8.30 ට පමණ පාසලට ඇතුළුවීම මැනවැයි සිතමු. මේ අනුව නිවසේ සිට පාසලට ඇති දුර ද සලකා බලා සුබ නැකතක් යොදා ගන්න. මේ සඳහා පහත සඳහන් නැකත් වලින් එකක් යොදාගත හැකිය.

2022 දෙසැම්බර් 18 ඉරිදා

(1) උදේ 6.37 – දකුණ බලා

(2) උදේ 7.53 – දකුණ බලා

(3) උදේ 7.59 – දකුණ බලා

ඉහත සුබ නැකත් වලින් නිවසින් එළියට බැස මිදුලේ ප්‍රමාද වීම නොකළ යුතුය. පිටත් වූ වේලාවේ සිට ගමන් කිරීම මැනවි. දකුණුපය තබා පිටත්වීම විශේෂයි. පිටත්වන විට ජයවේවා, බුදුසරණයි. ආදී වශයෙන් ආශිර්වාදාත්මක වදන් පැවසීම ද සෙත් පිරිත් හා ගාථාවන් කීම ද වඩා සුබය.

දරුවා විභාග ශාලාවට ඇතුළු වූ පසුව ද මව්පියන්ට දරුවා වෙනුවෙන් වටිනා දෙයක් කළ හැකිය. එනම් දරුවා විභාගය ලියා අවසන් වන තුරුම සෙත් පැතීමයි. මේ සඳහා පාසලට ආසන්න විහාරස්ථානයක මල්, පහන්, සුවඳ ධූප ආදිය සහිත බෝධි පූජාවන් පවත්වන්න. ඉන් පසුව විභාග කාල සීමාව නිමවන තුරුම සෙත් පතන්න. සෙත් පිරිත් කියමින් ද ආශිර්වාද කළ හැකි වේ.

පහත සඳහන් වන්නේ නමස්කාර පාඨය භාවිතා කරමින් නිර්මාණය කරන ලද ගාථාවකි. මෙම ගාථාව භාවිතා කරන විට දිනෙන් දින බුද්ධි වර්ධනය වීමට ද විභාග සමත් වීමට අසීමිත ශක්තියක් ලැබේ.

නමෝ තස්ස භගවතේ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වම්මා තරද්ධ ගසමෝ අම්බුභතෝ නතෝ සස්ස හස්ස
සතෝ තම්බු භගනම්මා අස්සද්දතෝ වමෝ සරහස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ශිෂ්‍යත්ව විභාගයට පිටත්වීමට - සුබ නැකත් සහ චාරිත්‍ර

ජ්‍යොතීර්වේදී කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්
දුරකතන අංකය 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment