දින 3 කට වඩා උණ නම් වහාම රුධිර පරීක්‍ෂාවක් කරගන්න

193

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ

දින 3 කට වඩා උණ තිබේ නම් වහාම වෛiවරයකු හමුවට ගොස් පූර්ණ රුධිර පරීක්‍ෂාවක් සිදුකර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා ජනතාවගෙන් ඊයේ (08 දා) ඉල්ලීමක් කළේය.

හමේ රතු පැහැති ළප තිබීම, ඇඟපත වේදනාව, වමනය යෑම, හිසේ වේදනාව ඩෙංගු රෝග ලක්ෂණ බව ද හෙතෙම කීය.

මෙම වසරේ (2023) මේ දක්වා ගතවූ කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 65,175 දෙනකු වාර්තා වන බව ද එම කාලය තුළ ඩෙංගු මරණ 39 ක් වාර්තා වන බව ද හෙතෙම පැවසීය.

මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 31,433 ක් බවත් විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment