අද සිට දින 4ක් වැසි වැඩි වෙයි

94

අද (14 දා) සිට දින 4 ක් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

එසේම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මෙසේ පැවසීය.

ඔක්තෝබර් 14, 15, 16, 17 යන දිනවල වර්ෂාවේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ කාලයේ දිවයිනේ වර්ෂාව තියෙන්නේ උදේ කාලයේ නෙවෙයි. ඒ සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්‍ෂා කරනවා. සාමාන්‍යයෙන් වැසි තත්ත්වය නිර්මාණය වෙන්නෙ රට අභයන්තරයේ ප්‍රදේශවල. මේ වැසි තත්ත්වය පවතින්නේ ඉතා සුළු කාල පරිච්ඡේදයක්. සාමාන්‍යයෙන් විනාඩි 45 ක් හරි පැය 1 1/2ක් වගේ තමයි වැස්ස පවතින්නේ. හැබැයි ඉතාම තදින් වැස්ස පතිත විය හැකියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment