මන්දිර බලන්න රට වටෙන් කොළඹට ජන ගඟක්

122

ජනාධිපතිවරයාට වහා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කළ විරෝධතාවයෙන් පසු අත්පත්කර ගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය නැරඹීමට දිවයිනේ නන්දෙසින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණියහ.

ජනාධිපති මන්දිරය නැරඹීමට කොටුව චැතම් වීදිය දෙස සිටම දිගු පෝලිම් දක්නට ලැබිණි. බොහෝ දෙනා ජනාධිපති මන්දිරය තුළ ඇති භාණ්ඩ නරඹමින් සතුටු වූ අතර ඇතැමුන් එහි වූ ඇඳන් මත, පුටුමත, වාඩිවී ඡායාරූප ගන්නා අයුරුද දක්නට ලැබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමටද අතිවිශාල පිරිසක් එක්ව සිටි අතර කලාකරුවන් පිරිසක් ගීත ගායනා කරමින් පිරිස පිනවනු දැක ගත හැකි විය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නැරඹීමටද විශාල පිරිසක් එක්ව සිටියහ. එහි වූ පියානෝව වාදනය කරමින් පිරිස් ගීත ගායනා කළහ.

කොටුව ගාලුමුවදොර පැවැත්වෙන අරගලය ඊයේ දිනයේදීත් පැවැති අතර අද (13 දා) එය 95 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment