මාස නවයට ලාදුරු රෝගීහු 1135ක් වැඩිම පිරිස කොළඹ

76

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වූ මාස නවයක කාලයේදී දිවයිනෙන් ලාදුරු රෝගීන් 1135 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

මෙම වසරේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම ලාදුරු රෝගීන් වාර්තා, වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 238 දෙනකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 120 දෙනකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 114 දෙනකු වාර්තා වී ඇති බව එම ව්‍යාපාරය පවසයි. මෙම වසරේ සැප්තැම්බර් 30 දා තෙක් වාර්තා වී ඇති ලාදුරු රෝගීන් 1135 දෙනාගෙන් 120 දෙනකු කුඩා ළමුන් බව වාර්තා වේ. බස්නාහිර පළාතේ ලාදුරු රෝගයේ පැතිරීමේ වැඩි වීමක් දක්නට ලැබීම හේතුවෙන් ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරු පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment