මහ මඟ රංගනයක යෙදෙමින් රථ වාහන හසුරුවන ඉන්දීය පොලිස් භටයා

376

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේහි ඉන්ඩෝර් මංසන්දියේ නැටුමක යෙදෙමින් රථ වාහන හසුරුවන රංජිත් සිං නමැති පොලිස් භටයකු පිළිබඳව අනාවරණය වී ඇත.

ඔහු දැන් එරට සමාජ මාධ්‍යවල තරුවක් බවට පත්වී තිබේ. රංජිත් සිං මහමඟ නැටුමක යෙදෙන්නේ මයිකල් ජැක්සන් නටන ආකාරයෙනි. ඔහුගේ දක්ෂතාවය දැක ප‍්‍රාන්ත පොලිසි රැසක් තම නිලධාරීන්වද පුහුණු කරන ලෙස ඉල්ලා තිබේ.

රංජිත් සිං ගේ රංගනය නිසා ඊට ඇල්මක් දක්වන පිරිස් ඉන්ඩෝර් මංසන්ධිය හරහා තම වාහන වල ගමන් කරන බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment