එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර හමුවක්

105

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්‘ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුවත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ.

එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් අද (07) කොළඹ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති, හිටපු ඇමැති ඩිව් ගුණසේකර, ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නියෝජ්‍ය සංවිධායක විල්ෆ්‍රඩ් ජයසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment